අධිවේගී මාර්ගවල ධාවනය වන බස් රථ සඳහා නව මාර්ග බලපත්‍ර ලබාදීමේදී මහා පරිමාණ වංචාවක් සිදුවන බවට පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය චෝදනා කරනවා.
එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ පසුගිය දින කිහිපය තුළ බස් රථ 35කට ටෙන්ඩර් කැඳවීමකින් තොරව තාවකාලික මාර්ග බලපත්‍ර ලබාදී ඇති අතර එමඟින් රජයට මිලියන ගණනක පාඩුවක් සිදුව ඇති බවයි.
කෙසේ වෙතත්, මෙම මාර්ග බලපත්‍ර නිකුත් කර ඇත්තේ රජය නියෝජනය කරන අමාත්‍යවරුන්ගේ අනුග්‍රහය ලෙස බවද විජේරත්න චෝදනා කළා.
Share this: