පසුගිය පැය 48 තුළ අධිවේගී මාර්ග ගාස්තුවලින් උපයා ඇති ආදායම රුපියල් මිලියන 70 ඉක්මවන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ අනුව අප්‍රේල් 16 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ පැය 48 ක කාලය තුළ අධිවේගී මාර්ග භාවිත කර ඇති මුළු වාහන සංඛ්‍යාව 256,225 ක් බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
සාමාන්‍යයෙන් දිනකට අධිවේගී මාර්ග භාවිත කරන වාහන සංඛ්‍යාව 90,000ක් පමණ වන අතර දිනකට උපයන මුළු ආදායම රුපියල් මිලියන 25කට ආසන්න වේ.
Share this: