පවතින අධික උෂ්ණාධික කාලගුණික තත්ත්වය හේතුවෙන් පාසල් සිසුන්ට සිදුවන අහිතකර බලපෑම් වළක්වා ඔවුන් සුරක්ෂිතව තබාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාසල් වෙත යොමු කරන ලද ලිපියකින් මේ බව දන්වා ඇත.
හැකිතාක් එළිමහනේ ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීමෙන් වළකින ලෙසත්, අමතර ජලය පානය කිරීමෙන් වළකින ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය පාසල් සිසුන්ට උපදෙස් දී තිබේ.
මේ අතර සිසුන්ට වැඩිපුර විවේක ගැනීමට කෙටි කාල පරතරයන් දෙකක් ලබා දෙන ලෙසත්, දිවා කාලයේ එළිමහනට ගෙන නොයන ලෙසත්, අධික උණුසුම් කාලගුණයක් පවතින විට ක්‍රීඩා ඉසව් සහ පුහුණුවීම් නොපැවැත්වෙන ලෙසත් පාසල් බලධාරීන්ට උපදෙස් දෙනු ලැබේ.
මීට අමතරව පාසලේ ජල පහසුකම් ප්‍රමාණවත් නොවන්නේ නම් අවශ්‍ය පියවර ගන්නා ලෙස බලධාරීන්ට උපදෙස් දී ඇත.
Share this: