අධික උෂ්ණත්වය ගැන ඔබ දැනුවත් විය යුතු කරුණු

අධික උෂ්ණත්වය ගැන ඔබ දැනුවත් විය යුතු කරුණු

ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙන පරිදි තාප දර්ශක උපදේශනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. මැයි 18 වැනිදා උෂ්ණත්වය ඉහළ යාම පිළිබඳව මහජනතාවට අනතුරු අඟවයි.

ඒ අනුව උතුර, උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල සහ මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල තාප දර්ශකය – මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය – ප්‍රවේශම් මට්ටම දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

තාප දර්ශක පුරෝකථනය ගණනය කරනු ලබන්නේ සාපේක්ෂ ආර්ද්රතාවය සහ උපරිම උෂ්ණත්වය භාවිතා කිරීමෙන් වන අතර මෙය ශරීරයට දැනෙන තත්ත්වයයි. මෙය උපරිම උෂ්ණත්වයේ පුරෝකථනය නොවේ. එය පසුදින සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනනය කරනු ලබන අතර ගෝලීය සංඛ්‍යාත්මක කාලගුණ අනාවැකි ආකෘති දත්ත භාවිතයෙන් සකස් කරනු ලැබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ජලයෙන් සජලව සිටින්න, හැකිතාක් දුරට සෙවණෙහි විවේක ගන්නා ලෙසත්, වෙහෙසකර එළිමහන් ක්‍රියාකාරකම් සීමා කරන ලෙසත්, සෙවන සොයා ගන්නා ලෙසත්, සැහැල්ලු සහ සුදු හෝ ලා පැහැති ඇඳුම් අඳින ලෙසත්ය.

Share this: