අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව චෝදනා ගොනු කර ඇති බව නීතිපතිවරයා 01/ 17 වැනි දින අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ නීතිඥවරුන් දෙදෙනෙකු වන ප්‍රියලාල් සිරිසේන සහ විජිත කුමාර යන මහත්වරුන් ගොනු කළ පැමිණිල්ලකට අනුව අභියාචනාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ හමුවට කැඳවා තිබිණි.
එම අවස්ථාවේදී විත්තිකාර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාද අධිකරණයේ පෙනී සිටියේය.
Share this: