ලබන 7 වැනිදා මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතාට සහ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට සිතාසි නිකුත් කර ඇත.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම එම කැඳවීම සිදුකර ඇත්තේ, අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ උප සභාපතිවරයා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව බව සඳහන්ය.
තවද ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කරගැනීමේ චක්‍ර ලේඛයට පටහැණිව තම දියණියට ලකුණු ලබාදී ඇති බව පවසමින් ආදි ශිෂ්‍ය සංගමයේ උපසභාපතිවරයා වගඋත්තරකරුවන්ට එරෙහිව පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට ලබන 7 වැනිදා මානව හිමිකම් කොමිෂන් සභාවේ අනුරාධපුර කාර්යාලය හමුවේ පෙනී සිටින ලෙසත්, එය පැහැර හරින්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත්, මානව හිමිකම් කොමිෂන් සභාව විසින් දැනුම් දී ඇත.