නව රජය පොරොන්දු වුනු පරිදි, දින සියයේ වැඩපිළිවෙළ යටතේ නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදිමේ කටයුතු අද දිනයේ සිට ආරම්භ වීමට නියමිතව තිබේ.
එහි සමාරම්භක උත්සවය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අද පෙරවරුවේ ආරම්භ වීමට නියමිතව ඇත.
තවද, අද දිනයේ දිවයින පුරා පිහිටි තවත් ස්ථාන 26කදී මෙම කටයුතු ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන නියෝජිත ආයතනය සඳහන් කළේය.
Share this: