අද රාත්‍රී 8සිට මුළු දිවයිනටම ඇදිරි නීතිය

අද රාත්‍රී 8සිට මුළු දිවයිනටම ඇදිරි නීතිය

අවදානම් කලාප හැර සෙසු ප්‍රදේශ වලට ලිහිල් කර ඇති ඇඳිරි නිතිය අද රාත්‍රි 8 සිට යළි පැනවෙන අතර එය ලබන සඳුදා උදැසන 5 තෙක් බලපැවැත්වෙනවා.

කොඩිඩ්19 වෛරස ව්‍යාප්තියේ අවදානම් කලාප හැර දිස්ත්‍රික්ක 21ක් සඳහා අදත් උදෑසන 5ට ඇඳිරි නීතිය ලිහිල් කෙරුණා.මෙලෙස ලිහිල් කෙරුණු ඇඳිරි නීතිය යළි රාත්‍රී 8ට පැනවෙන අතර එය අප්‍රේල් 27 සදුදා උදෑසන 5 තෙක් බලපැවැත්වෙයි.

ඒ අනුව හෙට සහ අනිද්දා දෙදින මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතිනවා.

කොළඹ,ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පිවිසීම සහ ඉන් පිටවීම තවදුරටත් සම්පූර්ණයෙන් තහනම්.

එසේම ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන ප්‍රදේශවල ඇඳිරි නීතිය කඩකරන්නන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මේ අතර අද උදෑසන තෙක් ගතවු පැය 24ක කාලය තුළ ඇදිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 666 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රථවාහන 183ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Share this: