අද මැදින් පුර පොහෝ දිනයි

අද මැදින් පුර පොහෝ දිනයි

මෙරට බෞද්ධයින් මැදින් පුර පොහෝ දිනය සිරිපා පොහෝදිනය ලෙස සලකති. තවද ලෝකවාසි බෞද්ධයින් කෘතවෙධිත්වය පිලිබදව කියාදුන් පොහොදිනයක් ලෙස සැලකේ.

ශාස්ත්‍රපති පූජ්‍ය මතලේ අරියදම්ම හිමි පවසන්නේ “අප තතාගතයන් වහන්සේගේ  පියාණන් වන සුද්දෝදන රජතුමාගේ ආරාදනාවෙන් සහ කාලුදයි මහා ඇමතිගේ මග පෙන්වීමෙන් 20,000 මහරහතන් වහන්සේලා සමග බික්ෂුන් වහන්සේලා සමග කපිලවස්තු පුරයට වැඩම කල වටිනා පොහො  දිනයක් තමයි මැදින් පුර පොහෝ දිනය.”

ඒවගේම සාසනයට ඉතා වැදගත් මෙහෙවරක් ඉටු කල ආනන්ද තෙරුන් වහන්සේ, අනුරුද්ධ තෙරුන් වහන්සේ, රාහුල මහා තෙරුන් වහන්සේ සහ සාසනයේ ඉතාම ආන්දෝලනයකට භාජනය වූණු දේවදත්ත තෙරුන් යනාදී  තේරුන්වහන්සේලා සසුන්ගතව ඇත්තේ මෙම ගමනේ දී බවයි.

ඒවගේම ශාක්‍ය රජදරුවන් නිග්‍රෝධාරාමය පුජාකිරිම සහ ශාක්‍ය රජදරුවන් තමන්ගේ නැයන් සේ සලකා ඔවූනට ධර්මදේශනා කල බව සදහන් වේ.

එහෙයින් මෙවන් උතුම් පොහොදිනක ආගමික වත්පිලිවෙත් වලින් යුක්තව ධර්මානුකුලව අද දවස ගෙවන ලෙස උන්වහන්සේ දේශනා කර සිටි.

සටහන – තිසල් රන්ධුනු 

Share this: