අද (21), පාර්ලිමේන්තුවේදී, 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන විවාදය පැවැත්වේ.
විධායක ජනාධිපතිධූරයේ අත්තනෝමතික බලතල ඉවත් කිරීම, ස්වාධින කොමිසන් සභා පිහිටුවීම ඇතුළු වත්මන් රජයේ පොරොන්දු රැසක් ඇතුලත් 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගැනීමට නියමිතය.
ඒ අනුව, උදෑසන 09.30ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කෙරෙන අතර අද පස්වරුව දක්වා එම විවාදය පැවැත්වේ.
තවද මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධීකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එහි ඇතැම් වගන්ති ජනමත විචාරණයකින් හෝ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධීකරණය දැනුම් දෙනු ලැබීය.
ඒ අනුව එම වගන්ති ඉවත් කර අනෙක් කොටස් සම්මත කර ගැනීමට ආණ්ඩු පක්‍ෂය තීරණය කර ඇත.
Share this: