අතුරුදහන්වූ පොලිස් කොස්තාපල්ගේ සිරුර පන්නල කැලයකින් හමුවේ

අතුරුදහන්වූ පොලිස් කොස්තාපල්ගේ සිරුර පන්නල කැලයකින් හමුවේ

කඩවත පොලිසියට අනියුක්තව සේවය කරමින් සිටියදී කිසියම් පිරිසක් විසින් පැහැර ගෙන ගොස් තිබු පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර පන්නල, වේරහැර ප්‍රදේශයේ කැලෑවක තිබියදී පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

මෙම පොලිස් නිලධාරියාගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන ” සුද්දා” යන අය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඊට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරමින් සිටින බවයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කර සිටියේ.

කඩවත පොලිසියට අනියුක්තව සේවය කළ මෙම 37 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයා වීරකැටිය ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක් ද වනවා.

මෙම පොලිස් කොස්තාපල්වරයා පෑලියගොඩ ප්‍රදේශයේ කාන්තාවක් සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් එම කාන්තාවගේ පුතා සහ ඇගේ නැගනියගේ පුතා අවස්ථා කිහිපයකදී මෙම පොලිස් කොස්තාපල්වරයාට මරණ තර්ජණ එල්ල කොට ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ හෝ ඉකුත්දා මෙම පොලිස් කොස්තාපල්වරයා ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් පැහැර ගෙන ගොස් තිබු අතර ඔහුව කුලියාපිටිය කංකානිමුල්ල කැලයේ දී ඝාතනය කර ඇති බවට ලද තොරතුරු මත පොලිස් කණ්ඩායම් 03ක් එහි සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලැබුවා.

ඒ අනුව පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර පන්නල, වේරහැර ප්‍රදේශයේ කැලෑවක තිබියදී පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

Share this: