අතුරුදන් වූ පේරාදෙණි ඉංජිනේරු සිසුවාගෙන් ගෙදරට කෝල් එකක් ඇවිත්!

අතුරුදන් වූ පේරාදෙණි ඉංජිනේරු සිසුවාගෙන් ගෙදරට කෝල් එකක් ඇවිත්!

අතුරුදන්ව සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිව්වන වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි 25 හැවිරිදි සිසුවා සිය දෙමව්පියන්ට දුරකථන ඇමතුමක් ලබා දී ඇති බව පොලිසිය තහවුරු ප්‍රකාශ කරයි.

තමන් හොදින් සිටින බවත්, සිටින තැන කීමට අපහසු බවත් එම සිසුවා දෙමව්පියන්ට දුරකථනයෙන් දැනුම් දී ඇත.

මෙම සිසුවා නේවාසිකාගාරයේ නොමැති බවට පේරාදෙණිය පොලීසිය වෙත ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබිණ.

Share this: