අතිරේක දීමනා නොමැතිව ඩෙංගු මර්දන වැඩසටහන්වලට සම්බන්ධ වූ PHI මහත්වරුන්

අතිරේක දීමනා නොමැතිව ඩෙංගු මර්දන වැඩසටහන්වලට සම්බන්ධ වූ PHI මහත්වරුන්

එළඹෙන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග පැවැත්වෙන පරිශ්‍රය තුළ විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසයි.

මේ අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ පැතිර යන ඩෙංගු මර්දනය සඳහා කිසිදු අමතර දීමනාවක් නොමැතිව වැඩසටහන්වලට එක්වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.

වසරේ ආරම්භයේ සිට මේ දක්වා දිවයින පුරා ඩෙංගු රෝගීන් 33,742ක් වාර්තා වී ඇති අතර කොළඹ, ගම්පහ, කළුතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

මේ අතර, පෙර වසරට සාපේක්ෂව දකුණු පළාත තුළ වාර්තා වන ඩෙංගු සංඛ්‍යාලේඛනවල කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන බවට ඊයේ පැවති දකුණු පළාත් ඩෙංගු සමාලෝචන කමිටු රැස්වීමේදී ද අවධානය යොමුව තිබෙනවා.

ඩෙංගු වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා දිවයිනේ ප්‍රදේශ රැසක ඩෙංගු මර්දන වැඩසටහන් මේ වනවිට ක්‍රියාත්මකයි.

Share this: