අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි මහානායක හිමියෝ අපවත් වෙයි

අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි මහානායක හිමියෝ අපවත් වෙයි

අමරපුර මහා නිකායේ මහනායක අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි නාහිමියන් කොළඹ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වී ඇත. මිය යන විට 84 වියේ පසු විය.

අපවත්වී වදාළ අතිපූජ්‍ය අග්ගමහාපණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුප්‍රාප්තිකයා ලෙස අතිපූජ්‍ය අතිපූජ්‍ය අතිපූජ්‍ය අග්ගමහාපණ්ඩිත අමරපුර මහා නිකායේ මහානායක පදවියට දොඩම්පහල චන්ද්‍රසිරි මහානායක ස්වාමින් වහන්සේ 2021 ජුලි මස 20 වැනි දින වැඩම කළහ.

1939 දෙසැම්බර් 20 වැනිදා දකුණු පළාතේ දොඩම්පහලදී උපත ලැබූ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ එදිරිවීර පටබැඳිගේ සරණේලිස් සිල්වා සහ එදිරිසූරිය පටබැඳිගේ මිසිනෝනා මවුපියෝ වූහ.

දොඩම්පහල මධ්‍ය මහා විද්‍යාලයෙන් මුල් ළමාවිය අධ්‍යාපනය ලැබීමෙන් පසු වයස අවුරුදු 11 දී කුඩාවැල්ල වාළුකාරාම අසපුවේදී පැවිදි දිවියට ඇතුළත් වූ උන්වහන්සේ මාතර විරබා පිරිවෙනෙන් සහ ගාල්ල විද්‍යාලෝක පිරිවෙනෙන් මූලික පැවිදි අධ්‍යාපනය ලැබූහ.

අතිපූජ්‍ය හිමි දොඩම්පහල චන්ද්‍රසිරි මහානායක හිමියෝ 2013 වසරේ කල්‍යාණවංශ පාර්ශ්වයේ මහානායක පදවියට පත් වූ අතර ඊට පෙර නියෝජ්‍ය මහා නායක හිමි සහ එම පාර්ශවයේ නීති කටයුතු භාර නායක ස්වාමින් වහන්සේ ලෙස ද කටයුතු කළහ.

අමරපුර පාර්ශ්වයේ සහෝදර පාර්ශව 22ම නියෝජනය කරන අමරපුර මහා සංඝ සභාවේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙසත් සභාපතිවරයා ලෙසත් පූජ්‍ය මහා නාහිමිපාණන් වහන්සේ කටයුතු කර ඇත.

Share this: