අත්‍යවශ්‍ය ඖෂධ රැසක් ඉන්දියාවෙන් ගෙන්වයි

අත්‍යවශ්‍ය ඖෂධ රැසක් ඉන්දියාවෙන් ගෙන්වයි

බෝ නොවන රෝග ඇතුළු දෛනික සෞඛ්‍ය සේවා සඳහා අවශ්‍ය ඖෂධ රැසක් රජයේ ඉල්ලීම මත ඉන්දියාවේ සිට අද (07) දිවයිනට රැගෙන එන බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු නියෝජිතයින් ගේ හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (06) සිදුවුනා.

සමස්ත ලෝකයම මුහුණදී ඇති ආර්ථික හා සාමාජයීය තත්ත්වය සැලකිල්ලට ගෙන අපේ රටට ගැලපෙන ආර්ථික ක්‍රමවේදයකට යොමු වීමට දැනටමත් සැලසුම්කර ඇතැයි ජනාධිපතිතුමා මෙහිදී පැහැදිළි කර ඇත. පසුබෑමට ලක්ව ඇති ඇගළුම් සහ සංචාරක කර්මාන්තය නගා සිටුවීම සම්බන්ධයෙන් විශේෂඥ උපදෙස් ලබා ගනිමින් සිටින බවත්, අවස්ථාව ලද සැණින් ඔවුන්ගේ උපදෙස් මත රජය ක්‍රියාත්මක වන බවයි මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ.

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරියට සැලසුම් කර ඇති වැඩපිළිවෙළ ජනාධිපතිතුමා දීර්ඝ වශයෙන් පැහැදිළි කර සිටියා.

කොරෝනා වෛරසය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමත් සමග රජයක් ලෙස වගකීමෙන් ක්‍රියා කළ ආකාරය ජනාධිපතිතුමා පෙන්වා දුන් අතර සෙසු රටවල් අභිබවා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කඩිනම් ක්‍රියාමාර්ග රැසකට එළැඹි බවද මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.

පාසැල් සහ විශ්ව විද්‍යාල වසා දැමීමේ සිට අත්‍යාවශ්‍ය සේවා බිඳ නොවැටී දෛනික කටයුතු පවත්වා ගනිමින් ජනතාව ආරක්ෂා කර ගැනීමට සෑම පියවරක්ම ගත් බව ජනාධිපතිතුමා සඳහන් කර සිටියා. මේ නිසා කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කිරීමට රජයට හැකිවිය.

සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ ඇතුළුව රාජ්‍ය හා පෞද්ගලික යාන්ත්රිණය මුසු කර ගනිමින් විශේෂඥ උපදෙස් පිළිගනිමින් සෑමවිටම ක්‍රියා කළ බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. වෛරසය ආසාධිත රෝගීන් හා ඔවුන් ඇසුරු කළ පිරිස් හඳුනාගනිමින් විශේෂඥ වෛද්‍ය උපදෙස් මත පූර්ව පරීක්ෂණ අඛණ්ඩව සිදු කරන බවත් ඒ මගින් ආසාධිතයන් කල් තියා හඳුනාගැනීමට හැකි වනු ඇතැයි මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.

රෝගී නිරීක්ෂණ සහ පරීක්ෂණයන්ට මෙන්ම මහජන පාලනයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දක්වන සහයෝගය ද ජනාධිපතිතුමාගේ පැසසුමට ලක් විය.

රජය ගෙන යන වැඩපිළිවෙළේදී යම් අයෙකුට අසාධාරණයක් හෝ අඩුවක් වී ඇත්නම් ඒ පිළිබඳව වහාම ක්‍රියාත්මක වන බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියා.

දෛනික වැටුප් මත ඉදිකිරීම් කේෂ්ත්‍රය ඇතුළු විවිධ සේවා සැපයීමට පැමිණ ගමට යාමට නොහැකිව සිටින පිරිස් වෙත අදාළ සේවාලාභීන්ගේ අවධානය යොමු කරන ලෙස ජනාධිපතිතුමා මෙන්ම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී ඉල්ලා සිටියා.

රජය ගෙන යන ක්රිතයාමාර්ගයන්ට සමගි ජන බලවේගය සිය ප්‍රසාධය පළ කළ අතර දේශපාලන සහ වෙනත් බේදයකින් තොරව වැඩපිළිවෙල ඉදිරියටත් කරගෙන යා යුතු බව දෙපාර්ශ්වයේම මතය වූ බවයි ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Share this: