අත්‍යාවශ්‍ය සේවා කිහිපයක් වැඩවර්ජනයක!

අත්‍යාවශ්‍ය සේවා කිහිපයක් වැඩවර්ජනයක!

රජයේ නව බදු ප්‍රතිපත්තිය ඇතුළු ගැටළුවලට එරෙහිව අත්‍යාවශ්‍ය සේවා කිහිපයක වෘත්තීය සමිති ඊයේ වැඩවර්ජනයක නිරත වී ඇත.

වරාය, ඛනිජ තෙල්, විදුලිබල, ජලය, බැංකු, විශ්වවිද්‍යාල, දුම්රිය සහ විදුලි සංදේශ යන ක්ෂේත්‍රවල වෘත්තීය සමිති විසින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරයි.

වරාය වෘත්තීය සමිති එකමුතුවේ ප්‍රකාශකයෙකු වන නිරෝෂන් ගොරකානගේ පැවසුවේ ඊයේ පෙරවරු 07.00 ට මෙම වැඩවර්ජනය ආරම්භ කළ අතර එය අද (02) පෙරවරු 07.00 දක්වා ක්‍රියාත්මක වන බවයි.

Share this: