අත්අඩංගුවේ සිටින සැකකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න – නීතීඥ සංගමය

අත්අඩංගුවේ සිටින සැකකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න – නීතීඥ සංගමය

මෑතදී පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදෙනෙකු වන මෙලන් මබුලා නොහොත් ‘ඌරු ජුවා’ සහ තාරක පෙරේරා විජේසේර නොහොත් ‘කොස්ගොඩ තාරක’ ආසන්න දින දෙකක් තුලදී ඝාතනය කිරීම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුව විසින් දැඩි ලෙස හෙළාදැක ඇත.

මෙම සිදුවීම් පිළිබඳව බැරෑරුම් ලෙස අවධානය යොමු කරන ලෙසත් එවැනි සිදුවීම් වලක්වා ගැනීමට පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටීයි.

මෙම මරණවලට අධිකරණමය නොවන (Extra-judicial killings) ඝාතනවල සියලු ලක්‍ෂණ ඇති බව කියා සිටින ශ්‍රී ලංකා නීතිඥ සංගමය, සිය භාරයේ සිටින පුද්ගලයින්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස වැඩිදුරටත් රජයෙන් ඉල්ලා සිටියි.

එවැනි මරණ නීතියේ ආධිපත්‍යයට පටහැනි වන අතර, එය ශ්‍රී ලංකාවේ කීර්ති නාමයටද කැළලක් වනු ඇති බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙයි. මෙම සිදුවීම් සම්බන්ධයෙන් ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේය

BAR_A1_S_700px_21_05_13jpg

Share this: