පාර්ලිමේන්තුව පිටුපස දියවන්නා ඔයේ පාවෙමින් තිබියදී වම් අත නොමැති මිනිස් මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, මියගොස් සිටින තැනැත්තා කවරෙක්දැයි තවමත් හඳුනාගෙන නොමැති බවයි.
මේවන විට සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන සිදුකරයි.
මේ අතර දෙමටගොඩ ප්‍රදේශයේ ඇළක තිබී මිනිස් පාද දෙකක්ද, වැලිකඩ, නාවල ඇළේ තිබී සොයාගත් මිනිස් අත සහ අද දියවන්නාවෙන් හමුවූ එක් අතක් නොමැති මළ සිරුර අතර සම්බන්ධතාවයක් ඇත්දැයි මේ වන විට පොලිසියට සැක පහළ වී තිබේ.
Share this: