අණ නොතැකූ ලොරි රථය අනතුරේ

අණ නොතැකූ ලොරි රථය අනතුරේ

ගවයින් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් පොලිස් අණනොතකා ධාවනය කරන අතර තුර දොඩංදූව, ගෝනපීනුවල ප්‍රදේශයේ දී අනතුරට ලක්ව තිබේ.

පොලීසිය විසින් ලොරි රථය පසුපස හඹායන අවස්ථාවේ එය පෙරළීගොස් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

තවද අනතුර සිදුවන අවස්ථාවේ ලොරි රථය තුළ ගවයින් 14 දෙනෙකු සිට ඇති අතර ඉන් සිව්දෙනෙකු මියගොස් ඇති බව සඳහන්වේ.

නීති විරෝධීව අදාළ ගවයින් ප්‍රවාහනය කර ඇති අතර සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

සැකකරුවන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Share this: