ප‍්‍රවීණ රංගන ශිල්පී ආචාර්ය ජයලත් මනෝරත්න පසුගිය දිනවල අපේ කලා ලෝකයේ වඩාත් කතා බහට ලක්වූ චරිතයක් විය. ඒ අන්තර් ජාලය ඔස්සේ ඔහු පිළිබඳ පැතිර ගිය වැරදි ආරංචියක් නිසාය. ඔහුට ආදරය කරන කලා රසිකයෝ මේ ආරංචි නිසා මහත් කළබලයට පත්වූ අයුරු දැක ගත හැකි විය. සැබෑ කලාකරුවකුට විපතක්, කරදරයක්, හිරිහැරයක් වන බව සිතන්නටවත් රසිකයන් තුළ ඇති අකමැත්ත ඉන් පිළිබිඹු විය. මේ වන විට ප‍්‍රතිකාර ලබමින් සිටින ජයලත් මනෝරත්නයන්ට සුබ පතමින් අප මේ ලිපිය පළ කරන්නේ ඔහුටත්, ඔහුගේ රසික පිරිසටත් දක්වන උපහාරයක් ලෙසිනි.
කලාසූරී කලා කීර්ති ආචාර්ය කෙසෙල්ගස්පේ මනතුංග ජයලත් මනෝරත්න නම් වූ අපගේ ප‍්‍රතිභා පූර්ණ කලා ශිල්පියා 1948 ජුනි මස 12 වැනි දින නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ දෙහිපෙ නම් ග‍්‍රාමයේ ජන්ම ලාභය ලබයි.
කෘෂි ආර්ථික වටපිටාවක සිය ජීවන තක්සලාවට අත්පොත් ආචාර්ය මනෝරත්නයන්ට කුඹුරේ කමතේ රඟ දැක්වෙන සොකරි, කිඳුරු ගැමි නාටක, බලියාග, කෙම්මුර, පිංකම් හා එකල වාර්ෂිකව පැවැති හඟුරන්කෙත පෙරහැර එකල්හි අපූරු සංස්කෘතික කි‍්‍රයාකාරකම් විය. රියැදුරු වෘත්තියෙහි නියැළුැණු සිය පියාගේ සහ ආදරණීය මවගේ සෙනෙහස නොඅඩුව ලැබෙන පසුබිමක හේ ආදරය රැුකවරණය මැද අතිශය සුරක්‍ෂිත වන්නේ වැඩිමහල් සොයුරු සොයුරියන් පස්දෙනකුගේම අපමණ ආදරය සෙනෙහස හා බැඳෙමිනි.
නුවරඑළිය දෙහිපෙ ප‍්‍රාථමික විiාලයෙන් ප‍්‍රාථමික අධ්‍යාපනය ලබන හේ, පහේ ශිෂ්‍යත්වයෙන් සමත්ව පොරමඩුල්ල මධ්‍ය මහා විiාලයට ඇතුළත්ව සිප් සතර ප‍්‍රගුණ කරන්නට හිමිකම් ලබයි. කී‍්‍රඩාවටත් වේදිකාවටත් නාට්‍ය විෂයයන්ටත් සමත්කම් පෑ අපගේ කථානායක ආචාර්ය මනෝරත්නයන්ගේ අධ්‍යාපන පසුබිම සාක්‍ෂාත් වන්නේ පී. සෙනරත්, පී. බී, රාසිංගොල්ල විදුහල්පතිවරුන්, වික්ටර් ඊ. පීරිස්. සුනිල් ශී‍්‍ර ගනනන්ද අමුණුගම ගුණසේන ආදී ගුරු භවතුන්ගේ මඟ පෙන්වීම් මතිනි.
උසස් පෙළ ජයගෙන පේරාදෙණිය විශ්වවිiාලයට ඇතුළත්වීම තුළින් ලබන පන්නරයෙන් වේදිකා අවකාශය හේ පුළුල් කරගන්නේ සුවිශේෂී කඩඉම් ජය ගනිමිනි.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ආචාර්යවරයාගේ සෙවණෙහි සරමින් එකල එතුමාගේ නවතම නාට්‍යය වූ ‘පෙමතෝ ජායතී සොකො’ හි ප‍්‍රධාන භූමිකාවට පණ පොවන්නට ආචාර්ය මනෝරත්නයන් සමත්වේ. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මහාචාර්ය ඞී. ඊ. හෙට්ටිආරච්චි, මහාචාර්ය ගණනාථ ඔබේසේකර, මහාචාර්ය සිරි ගුණසිංහ, මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන, මහාචාර්ය තම්බයියා පිල්ලේ, මහාචාර්ය ආනන්ද කුලසූරිය, මහාචාර්ය හේමපාල විජේවර්ධන, මහාචාර්ය කාල් ගුණවර්ධන, මහාචාර්ය පී. ඊ. ඊ. ප‍්‍රනාන්දු, ආචාර්ය සිරිමා කිරිබමුණ, ආචාර්ය ජේ. බී. දිසානායක, මහාචාර්ය ම.ව. සුගතපාලද සිල්වා, මහාචාර්ය ආරිය රාජකරුණා, මහාචාර්ය රම්මණ්ඩල, මහාචාර්ය කේ. එන්. ජයතිලක, මයිකල් ප‍්‍රනාන්දු, කේ. එන්. ඕ. ධර්මදාස, ඒ. කේ. ගුණසේන, කුසුමා ජයසූරිය, ආචාර්ය බර්ටි ගංගාධාර ආදීන්ගෙන් සමන්විත විශ්වවිiාලයීය ඇඳුරු මඬුල්ලෙන් ලබන දැනුම ආචාර්ය මනෝරත්නයන් ඉදිරි දැක්මට මනා ශක්තියක් තහවුරු කර ගනියි. ඔහුගේ වචනයෙන්, ජීවිතයේ සුන්දරතම තෙවසර ලෙස විශ්වවිiාල ජීවිතය සැලකේ.
ඕ. සී. අයි. සී., ජනාධිපති, සරසවි. රයිගම් ටෙලීස්, සුමති සම්මාන රැුසකට හිමිකම් කියන ආචාර්ය මනෝරත්නයන්. 1991-1992 වර්ෂයන්හි ‘සොක‍්‍රටීස්’, සහ ‘ද්විත්ව’ වෙනුවෙන් රාජ්‍ය නාට්‍ය උළෙලයන්හිදී හොඳම නළුවා බවට පත්ව රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය.
පාසල් සමයෙහි ශිෂ්‍යයකුව සිටියදී වාර්ෂික අන්තර් පළාත් නාට්‍ය තරගාවලියේදී රඟපා ‘අස්ප ගුඩුං’ (1966* නාට්‍යයෙන් පසු රංගනයෙන් දායක වූ වේදිකා නාට්‍ය රැුසකි. හේ් නිෂ්පාදනය කළ වේදිකා නාට්‍ය අතර ලෝකය තනියායක්, පුත‍්‍ර සමාගම, අන්දරේලා, ගුරුතරුව, බූරුවා මහත්තයා, තලමල පිපිලා, සෙල්ලං නිරිඳු ආදී නිර්මාණ ඒ අතර වේ.
රංගනයෙන් දායක වූ වේදිකා නාට්‍ය අතර සිංහබාහු, මනමේ, මහාසාර, පෙමතෝ ජායතී සොකො, දුන්න දුනු ගමුවේ, සුබසාධක, ගජමන් පුවත, නරිබෑණා. අංගාරා ගඟ ගලා බසී, මෝදර මෝල, රතු හැට්ටකාරි, සොක‍්‍රටීස්, ද්විත්ව, කනේරුමල්, පුත‍්‍ර සමාගම, දිවැස් හෙළනු මැන, මධුර ජවනිකා, දෙබිඞ්ඩෝ, රාස්ස සහ පරාස්ස, සහතික නොකළ මරණයක්, සුද්දෙක් ඔබ අමතයි, හොරු සමග හෙළුවෙන්, නාගගුරුලා, උක්දඬුගින්න, ඔත්තුකාරයා, සුදු රෙදි හොරු, අන්දරේලා, හඬ නිහඬ, සෙල්ලම් නිරිඳු මතක සටහන් අතරට මුසු වෙන චරිතාංග වේදිකා රංගන වේ.
ආචාර්ය මනෝරත්නයන් රූපවාහිනියට පිවිසෙන්නේ පරාක‍්‍රම නිරිඇල්ලගේ ‘ඇබැද්දිය’ තුළිනි. ¥ දරුවෝ, සින්දු බින්දු, ගම් පෙරළිය, බෝඩිම, රම්‍ය සුරම්‍ය, පස්සෙ ගෙනා මනමාලි, ඇබැද්දිය, මෙරගිරිකන්ද, නොපිපෙන මල්, ගල් පිළිමය සහ බොල් පිළිමය, සකි සඳ එළියස්, මඩොල්¥ව, පුංචි පැටව්, ඉරට හඬන මල් -2, සූරිය කුසුම, සඳ අමාවකයි ආදී ටෙලිනාට්‍යයන්හි සිය රංග ප‍්‍රතිභාවන් ආචාර්ය මනෝරත්නයන් දක්වා තිබේ.
තෙරුවන් සරණයි, බස් මන්තර නමින් වූ ගුවන්විදුලි නාට්‍යයන්ටද සිය දායකත්වය ආචාර්ය මනෝරත්නයන් ලබාදී තිබේ.
ආචාර්ය මනෝරත්නයන් රචනා කළ කෘති අතර දොළොස්මහේ පහන, දවස තාමත් තරුණයි, සින්දු බින්දු, මිනිහට නින්ද යන්ඩ ඇති, සිංහල නාට්‍ය ප‍්‍රාසාංගික වර්ධනය සංගෘහිතව තිබේ.
ආචාර්ය මනෝරත්නයන් සිය රංග ප‍්‍රතිභාව තුළින් හිමිකරගත් නෙක නෙක සම්මාන රැුසකි. ඒ අතර, සුමති සම්මාන, හොඳම නළුවා, සඳ අමාවකයි (2002*, සරසවිය සිනමා සම්මාන: හොඳම සහාය නළුවා- සුදු කළුවර (2004*, සරසවිය සිනමා සම්මාන හොඳම සහාය නළුවා – භේරුණ්ඩ පක්‍ෂියා (2007*, රයිගම් ටෙලීස්: හොඳම සහාය නළුවා, හෝගානා පොකුණ (2015* රයිගම් ටෙලීස්: ප‍්‍රතිභා ප‍්‍රභා සම්මානය (2013*, සුමති සම්මාන හොඳම ටෙලිනාට්‍ය.
තිර රචනය රම්‍ය සුරම්‍ය (2004*, හිරු ගෝල්ඩන් සිනමා සම්මාන හොඳම විකට නළුවා – හෝගානා පොකුණ (2016*, දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන: හොඳම සහාය නළුවා, හෝ ගානා පොකුණ (2016*, සිග්නීස් සම්මාන: හොඳම සහාය නළුවා – හෝගානා පොකුණ (2016*, ජනාධිපති සම්මාන – හොඳම සහාය නළුවා (2017*, රාජ්‍ය සාහිත්‍ය සම්මාන අන්දරේලා (කෘති*, ගුරුතරුව (කෘති* වේ.
නිර්මාණකරණ රචනයෙන්ද, වේදිකාව, ගුවන්විදුලිය රූපවාහිනිය ආදි මාධ්‍ය තුළින් නෙක විද මාන ඔස්සේ කුසලතා මැවූ ආචාර්ය මනෝරත්නයන් සිනමාවට පිවිසෙන්නේ 1979 දී ‘තිලක හා තිලකා’ හි රංගනයට එක්වෙමිනි. අනතුරුව ටයිටස් තොටවත්ත අධ්‍යක්‍ෂණය කළ ‘හඳයා (1979*’ හි රංගනයෙන් දායක විය. එසේම සිනමා කෘති 30 කට අධික ප‍්‍රමාණයක චරිතාංග මෙන්ම විවිධ පරාසයන් ආක‍්‍රමණය කරන්නට හිමිකම් ලබා තිබීම පැසසුම් කටයුතුය.
තිලක හා තිලකා (1976*, හඳයා (1976*, සිරිබෝ අයියා (1980*, සාරංගා (1981*, ජීවිතයෙන් ජීවිතයක් (1982*, මුහුදු ලිහිණි (1983*, ප‍්‍රාර්ථනා (1986*, අතුරු මිතුරු (1986*, මංගල තෑග්ග (1987*, හිත හොඳ චණ්ඩියා (1987*, හිමගිර (1990*, ස්තී‍්‍ර (1991*, සිසිල ගිනි ගනි (1992*, සප්ත කන්‍යා (1993*, තෙවැනි ඇහැ (1996*, රතු අළුයම (1999*, සුදු කළුවර (2003*, පේ‍්‍රමවන්තයෝ (2004*, සූරිය අරණ (2004*, සුදු කළු සහ අළු (2005*, භේරුණ්ඩ පක්‍ෂියා (2006*, සිරි රජ සිරි (2008*, වළා පටල (2008*, බින්දු (2009*, බඹර වළල්ල (2010*, දරුවනේ (2012*, ප‍්‍රවේගය (2015*, හෝ ගානා පොකුණ (2015*, ඒ ලෙවල් (2017*, වෛෂ්ණාවි (2018*, ගෝල් (2018*, තාල (2019* ආදී තවත් චිත‍්‍රපට ගණනාවක ආචාර්ය මනෝරත්නයන්ගේ සිනමා චාරිකාවේ සිනමා කෘති අතරෙහි මතකය හා බැඳී ශේෂව තිබේ.
සිය ජීවන ගමන් මෙඟහි අවුරුදු පනහක් පුරාවට සිය ශක්තීන් විශේෂයෙන් වේදිකාවට මුදා හරිමින් සිය කුසලතා ලොවට එක් කෙරෙන ආචාර්ය ජයලත් මනෝරත්න නම් වූ කෘතහස්ත කලා ශිල්පියාට යළි යළිත් දිරිය ශක්තිය නිරෝගී සුවය පතන්නෙමු. ගෞරවනීය ඇදුරුතුමනි, ඔබට සදා චිරං ජයතු!