ඊයේ (මාර්තු 29) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
ඉන්ධන මිල සූත්‍රයට අනුව මිල සංශෝධනය වන බවද ඔහු කියා සිටියේය.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු. 60, ඔක්ටේන් 95 පෙට්‍රල් රු. 135, ඔටෝ ඩීසල් රු. 80, සුපර් ඩීසල් රු. 45 කින් සහ භූමිතෙල් ලීටරයකට රු. 10 කින්ද අඩු වේ.
නව මිල ගණන් පහත පරිදි වේ;
ඔක්ටේන් 92 පෙට්‍රල් – රු. 340
ඔක්ටේන් 95 පෙට්‍රල් – රු. 375
ඔටෝ ඩීසල් – රු. 325
සුපිරි ඩීසල් – රු. 465
භූමිතෙල් – රු. 295
තවද, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි CEYPETCO ඉන්ධන මිලට සමගාමීව සිය ඉන්ධන මිල ද අඩු කරන බව Lanka IOC නිවේදනය කරයි.
Share this: