අඩු ආදායම්ලාභී පවුල් 850,000කට මසකට සහල් කිලෝ 10ක්

අඩු ආදායම්ලාභී පවුල් 850,000කට මසකට සහල් කිලෝ 10ක්

දිවයිනේ තවත් අඩු ආදායම්ලාභී පවුල් 850,000කට මසකට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

2023 ජනවාරි 16 වැනි දින අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2කට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මාස දෙකක කාලයක් සඳහා ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි විය.

කෙසේ වෙතත්, තවත් අඩු ආදායම්ලාභී පවුල් 850,000ක් පොරොත්තු ලේඛනයේ සිටින බවත් ඔවුන්ද යෝජිත වැඩපිළිවෙළට ඇතුළත් කළ යුතු බවත් රජය හඳුනාගෙන ඇත.

එමගින් අලුතින් හඳුනාගත් අඩු ආදායම්ලාභී පවුල් 850,000ක් එම වැඩසටහනට ඇතුළත් කර ගනිමින් සමස්ත පවුල් මිලියන 2.85කට මසකට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මාස දෙකකට ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

Share this: