ජාතික නිදහස් පෙරමුණ පවසන්නේ, එළැඹෙන මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කළ යුතු බවයි.
නායක රනිල් වික්‍රමසිංහ මහතාව පරාජය කිරීමට හැකියාව ඇති එකම පුද්ගලයා මහින්ද රාජපක්ෂ මහතා බව, එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසාමිල් මහතා අදහස් දක්වමින් පැවසුවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද වන විට මැතිවරණ ජයග්‍රහණ අමතක කරමින් කටයුතු කරන බව ද ඔහු කියා සිටියි.
කෙසේ නමුත් ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීමට නම් මහින්ද රාජපක්ෂ මහතාව මැතිවරණයට ඉදිරිපත් කිරීම අනිවාර්යය බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
Share this: