අගමැති ලයිට් බිල වැඩියි කියයි!

අගමැති ලයිට් බිල වැඩියි කියයි!

පවතින විදුලි අර්බුදය විසඳීම සඳහා අවශ්‍ය තීරණ ගැනීමට විශේෂඥ පුද්ගලයින් කැඳවීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

මාලබේ, තුසිතපුර අශෝකාරාම විහාරස්ථානයේදී අග්‍රමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

විදුලිබල මණ්ඩලයේ දීර්ඝකාලීනව පවතින අඩුපාඩු නිසා ඇති වී ඇති බරපතල පාඩුව පියවාගැනීමට පාරිභෝගිකයින්හට වැඩි මිලක් දිය යුතුද යන්න කල්පනා කල යුතුව ඇත.

විහාරස්ථාන සහ අනෙකුත් ආගමික ස්ථාන වලටත් ජනතාවටත් විදුලි බිල දරාගැනීමට නොහැකි බව තමා පිළිගන්නා අතර එම ගැටළුව විසඳීම සඳහා රජය ගෙන යන ක්‍රියාමාර්ග සාර්ථක වේවි යැයි විශ්වාසය පළකරන බව අග්‍රමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

Share this: