අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීයාවේ එන්ඩීටීවී රූපවාහිනිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව උල්ලංඝනය කරනු ලබන ඕනෑම පාර්ශවයකට වෙඩි තැබීමේ අයිතිය ශ්‍රී ලංකා නාවික හමුදාවට පවතින බවයි.
ශ්‍රී ලංකා අගමැතිවරයා මේ බව ප්‍රකාශ කර තිබුනේ, ඉන්දීය අග්‍රමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සිදු වීමට පෙරයි.
තවද එම සම්මුඛ සාකච්ඡාවේ දී වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාවට රටේ ඕනෑම පළාතක මුහුදු සීමා උල්ලංඝණය කරනු ලබන ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට වෙඩි තැබීමේ අයිතියක් පවතින බවයි.
තවද එය නව නීතියක් නොවේ බව ද ඒ මහතා සදහන් කර ඇත.
එසේම මුහුදු සීමා උල්ලංඝනය කරමින් සිදු කරන මසුන් මැරීමේ ක්‍රියාදාමයේ ප්‍රධාන ගැටළුව වන්නේ බොටම් ට්‍රෝලින් ක්‍රමයට මසුන් අල්ලීම බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
තවද මෙම ධීවර ගැටළුව සම්බන්ධයෙන් දෙපාර්ශවර්වයම කරුණු දැනුවත් බවද ඔහු කියා සිටියි.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා, ශ්‍රී ලංකා සංචාරයට පෙර ද රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය මාධ්‍ය ආයතනයක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබුණේ, සිය නිවසට කිසියම් පුද්ගලයෙක් අනවසරයෙන් ඇතුළු වුවහොත් ඔහුට වෙඩි තැබීමේ අයිතිය තමාට ඇති බවයි.
මෙම මතභේදාත්මක පුවත හේතු කරගෙන ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂ විසින් නරේන්ද්‍ර මෝදී අගමැතිවරයාගේ ශ්‍රී ලංකා නිල සංචාරය අවලංගු කරන ලෙස ඉල්ලීමක් ද කර තිබුණි.
මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා, ඉන්දීය අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව අදහස් දක්වමින් එන්ඩීටීවී රූපවාහිනියට පවසා ඇත්තේ මෝදි අගමැතිවරයා ශ්‍රී ලංකාවට දෑත දිගුකලා සේම ඊට සුබවාදී ප්‍රතිචාරයක් ශ්‍රී ලාංකිකයින් ද ලබා දුන් බවයි.
අගමැතිවරයාගේ සංචාරයේ දී ශ්‍රී ලංකාවේ සෑම පළාතක්ම ප්‍රධාන වශයෙන් පොදුවේ ආවරණය විය. විශේෂයෙන්ම උතුරු පළාතට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටම ඉන්දියාවේ අවධානය යොමු කිරීම පැසසුමට ලක් විය යුතු බවද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.