අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වීය.
විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු පැවසුවේ, සිය තීරණය ජනාධිපතිවරයාට ද ලිඛිතව දැනුම් දෙන බවයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නව ආණ්ඩුවක් පත් කර ගැනීම සඳහා ඉඩකඩ සලසා දෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම තීරණය ගත් බවයි ඔහු එහිදී තවදුරටත් සදහන් කලේ.
අගමැති රනිල් ධුරයට සමුදීමට තීරණය කරයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශක සුදර්ශන ගුණවර්ධන මීට ටික වේලාවකට පෙර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව තහවුරු කළේ ය.
ඔහු අද (20) දිනයේදි මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කිරිමට නියමිත බවයි අගමැති කාර්යාලය නිවේදනය කර සිටියේ.
Share this: