අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (අප්‍රේල් 10) පැවැත්වීය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කළේ ඊයේ පෙරවරුවේ එම හමුව පැවැත්වුන බවයි.
2023 පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉල්ලා මැතිවරණ කොමිසම මාර්තු 26 වැනිදා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ලිඛිතව ඉල්ලා තිබුණි.
ඒ අනුව ඊයේ දිනයේ මැතිවරණ කොමිසමේ සියලුම සාමාජිකයින් අදාළ සාකච්ඡාවට සහභාගී වන බව එම කොමිසමේ සභාපති නිමල් ජී.පුංචිහේවා මහතා සඳහන් කළේය.
Share this: