අගමැති ටෘඩෝගේ ප්‍රකාශය ගැන විදේශ ඇමති අලි සබ්රිගේ පිළිතුර

අගමැති ටෘඩෝගේ ප්‍රකාශය ගැන විදේශ ඇමති අලි සබ්රිගේ පිළිතුර

ශ්‍රී ලංකාවේ දශක තුනක සිවිල් යුද්ධය සම්බන්ධයෙන් කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ විසින් කරන ලද ජන සංහාර ප්‍රකාශයන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි ප්‍රතික්ෂේප කර තිබේ.

සිකුරාදා (මැයි 19) කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවූ අවස්ථාවේදී සබ්රි මේ බව දන්වා සිටියේය.

මෙම ‘දේශපාලනික අභිප්‍රේත’ ප්‍රකාශය භේදකාරී ප්‍රකාශයක් බවත් එය කැනඩාවේ දේශීය දේශපාලන පරිභෝජනය සඳහා නිකුත් කළ එකක් බවත් අමාත්‍ය සබ්රි ප්‍රකාශ කළේය.

එල්.ටී.ටී.ඊ.ය විසින් දශක 3කට ආසන්න කාලයක් පුරා රට තුළ පවත්වාගෙන ගිය ත්‍රස්තවාදී ගැටුමට අදාළ ‘ජන සංහාරය’ පිළිබඳ මෙම සනාථ කළ නොහැකි චෝදනාව ශ්‍රී ලංකාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි.

Share this: