අගමැතිගේ හා විපක්ෂ නායකවරයාගේ නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩ

අගමැතිගේ හා විපක්ෂ නායකවරයාගේ නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩ

අලුත් අවුරුද්ද යනු ජාතික සමගිය, සහෝදරත්වය, සමානාත්මතාව, සතුට සෞභාග්‍යය ඔප් නංවන ජාතික උත්සවයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අලුත් අවුරුදු සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි. 

තවද, නව දේශපාලන සංස්කෘතියකට පිවිසෙමින් වාර්ගික, ආගමික, පක්ෂ භේද පසෙකලා ලාංකීය සමාජය බලාපොරොත්තු සහගතව ඉදිරිය දකින මේ අවස්ථාවේ පීඩනයේ සහ මර්දනයේ හැඟීමෙන් තොරව අවුරුදු සමරන්නට ලැබීම අතිශය වැදගත් බව අග්‍රාමාත්‍යවරයා පවසි.

මේ අතර විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසන්නේ, මේ අවුරුදු සමයේ අර්ථය සියලු දෙනාට හොඳ හිත වර්ධනය කර ගැනීමට අවස්ථාවක් කරගත යුතු බව ය.

අනාදිමත් කාලයක් රැකගත් සහජීවනය, දේශපාලන හෝ වෙනයම් අපේක්ෂා වෙනුවෙන් බිඳ දැමීමට ඉඩදිය යුතු නැති බව ඔහු පෙන්වා දෙයි.

Share this: