අගමැතිගේ – කතානායකගේ – එජාපයේ ආශිර්වාදයෙන් රට පෙරට

අගමැතිගේ – කතානායකගේ – එජාපයේ ආශිර්වාදයෙන් රට පෙරට

අගමැති රනිල් වික්‍රමසිංහගේ, කතානායක කරු ජයසූරිය මහත්වරුන්ගේ හා එක්සත් ජාතික පක්ෂයේ ආශිර්වාදයෙන් පක්ෂයත් රටත් වෙනුවෙන් ජීවිතය පරිත්‍යාගය කළ රණසිංහ ප්‍රේමදාස‍ගේ පුතාට රට ගොඩනගන අවස්ථාව ලබාදෙයි යැයි තමා විශ්වාස කරන බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමැති හා එ.ජා.ප.නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (5) කුරුණෑගල පැවැති ජනහමුව අමතමින්ය. එහිදී වැඩිදුරටත් කතා කළ ඒ මහතා මෙසේදකීය……කුරුණෑගල දැවැන්ත ‍ඓතිහාසික රැස්වීමක් පවත්වලා පොදුජනතාවගේ ආණ්ඩුවක් බිහි කරන්න කටයුතු කරන බව අපි පවසනවා.

මේ රටේ නිවාස ලක්ෂය, දස ලක්ෂය, පහලොස් ලක්ෂය එවැනි දැවැන්න නිවාස වැඩසටහන් ආරම්භවුණේ කුරුණෑගලින්. ගම්උදා වැඩසටහන අරම්භවුණේ ඓතිහාසික කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. කුරුණෑගලින් තමයි ප්‍රේමදාස ජනාධිපතිතුමා ගම්උදා වැඩ සටහන ආරම්භ කළේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ කෙළෙහිගුණ තිබෙන ජනතාවට ඒ මිහිරි අතීතය කිසි දිනෙක අමතක වෙන්නේ නැහැ. ලබන නොවැම්බර්, දෙසැම්බර් මාසවලදි මේ රටේ මහා ජනතා විප්ලවය මහා ජන ගංඟා එක්වෙලා මේ රට දියුණු කරන ශක්තිමක් කරන ඒ මහා සංවර්ධන විප්ලවයට ශක්තිය ලබා දෙනකොට තමුන්නාන්සේලාගේ කරපිටින් රටේ බලවත්ම, ඉහළම තනතුරට යනවිට මම මුල අමතක කරන්නේ නැහැ. මම නුඹලාට කෙළෙහිගුණ දක්වනවාමයි කියන එක මේ අවස්ථාවේදි ප්‍රකාශ කරනවා. අපිට ධනබලය, පවුල්බලය, මුදල්බලය, ගජමිතුරු සංගම් නැහැ. අපිට පවුල් වාදය නැහැ. සජිත් ප්‍රේමදාසගේ එකම බලය පුරවැසිබලය පමණයි. මේ රටේ ජීවත්වෙන ලක්ෂ හැට එකක් පවුල්වලට මේ රටේ ජීවත් පුරවැසියන්ට ලක්ෂ දෙසිය විස්සටම මම ආරාධනා හා ආයාචනා කරනවා. මේ තරුණ ගමනට තරුණ ශක්තියට ජනතාවාදි ජනහිතකාමි, ප්‍රගතිශීලි නව සංවර්ධන දර්ශනයට ඔබලා පැකිලෙන්නේ නැතිව දෙවතාවක් හිතන්නේ නැතිව සජිත් ප්‍රේමදාසව උස්සලා තියන්න. හොඳට මතක තියාගන්න සජිත් ප්‍රේමදාස දිනනකොට මම රජගෙදරට යන්නේ නැහැ. මම මන්දිරවලට යන්නේ නැහැ. මගේ රජගෙදර මගේ මන්දිරය පොදුජන සේවයයි කියන එක මේ අවස්ථාවේ කියනවා. කොටසක් බලා ඉන්නවා ජනතාවගේ කර උඩින් ගිහිල්ලා තමන්ගේ පුත්‍රයන්ගේ සුඛවිහරණය උදෙසා තමන්ගේ සුබසාධනය වෙනුවෙන් තමන්ගේ පවුල් බලය තරකරගෙන තමන්ගේ ගජමිතුරු සංගමයට ශක්තිය දීලා ඒ අයගේ අරමුණ අපේ මාතෘභූමියේ සින්නක්කර ඔප්පුව තමන්ට ලියාගන්නයි. මේ රටේ අයිතිය එක පවුලකට එකපරම්පරාවට නොවේ එක ඥාති පරපුරකට නොවේ. මේ රටේ අයිතිය තියෙන්නේ මහපොළවට පය ගහලා ජීවත්වෙන පොදුජනතාවටයි.

Share this: