අගමැතිගෙන් ඉන්දියාවේ හින්දු නායකයෙකුට ශ්‍රී ලංකා සංචාරයකට ඇරයුමක්

අගමැතිගෙන් ඉන්දියාවේ හින්දු නායකයෙකුට ශ්‍රී ලංකා සංචාරයකට ඇරයුමක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ඉන්දියාවේ කාන්චි හී සංකාර්යාචාර්ය, ශ්‍රී ජයේන්ද්‍ර සරස්වතී හින්දු ආගමික නායකයාට ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වන්නැයි ඉල්ලීමක් කර ඇත.

අගමැති අතිරේක ලේකම් සමන් අතාවුද හෙට්ටි මහතා විසින් එම ආරාධනය සිදු කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයා වෙනුවෙනි.

තවද, අගමැති අතිරේක ලේකම්වරයා පසුගියදා මෙම හින්දු ආගමික නායකයා මුණ ගැසී ඇති අතර එහිදී දිවයිනට පැමිණ හින්දු කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට උපදෙස් ලබා දෙන්නැයි ඉල්ලීමක් කර තිබේ.

එම හමුවෙන් පසුව සමන් අතාවුද හෙට්ටි මහතා නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතට අදහස් පළ කරමින් පවසා ඇත්තේ අදාළ හමුවේ දී ශ්‍රී ලංකාවේ හින්දු ආගමික කටයුතු සම්බන්ධයෙන් උපදෙස් පැතූ බවයි.

එහිදී අගමැති වික්‍රමසිංහ මහතා වෙනුවෙන් තමන් විසින් ශ්‍රී ජයේන්ද්‍ර සරස්වතී හින්දු ආගමික නායකයාට ශ්‍රී ලංකාවට පැමිණීමේ ආරාධනය සිදු කළ බව ද ඔහු පවසා ඇත.

කෙසේ නමුත් අදාළ සංචාරය සිදුකෙරෙන දින වකවානු පිළිබඳ මෙතෙක් තීරණය වී නොමැත.

Share this: