අකිලගෙන් අභියෝගයක්

අකිලගෙන් අභියෝගයක්

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහමැතිවරණයේ දී සන්ධානයේ අගමැති අපේක්‍ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පත්කළ යුතු බවට යෝජනාවක්, හැකිනම් පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත කර පෙන්වන්නැයි අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා අභියෝග කරයි.

තවද වර්තමාන අගමැතිවරයාට එරෙහිව විපක්ෂයෙන් විශ්වාස භංගයක් ගෙන එන බව පැවසුවත් ඔවුන්ගේ විශ්වාසය භංග වුණේ පසුගිය ජනවාරී 8 වැනිදා බවත් ඒ මහතා කියයි.

අකිල විරාජ් ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, පාර්ලිමේන්තුවේ 113 පෙන්වා මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති අපේක්ෂකයා ලෙස පත් කිරීමට යෝජනාවක් සම්මත කරගන්නැයි ඔහුගේ කණ්ඩායමට අභියෝග කරන බවයි.

Share this: