අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු අත්අඩංගුවට

අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු අත්අඩංගුවට

“අංගොඩ ලොක්කා” නමින් හඳුන්වන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ සමීපතමයකු වන “අතුරුගිරියේ ජෙරම්” පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අතුරුගිරිය මිලේනියම් සිටි ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු මාර්තු 25 වැනි දින හෝමාගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු බව වාර්තා වේ.

ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ද වන අතර මොහුට එරෙහිව වරෙන්තු නිකුත් කර ඇති සැකකරුවෙකු ද වන බව පොලීසිය සඳහන් කළේය.

සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා අතුරුගිරිය පොලිසිය වෙත භාරදී ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

Share this: